
ඉදිරි 2024 වර්ෂය අවසන් වනවිට මෙරට සියලුම ග්‍රාමසේවා වසම් ආවරණය වන පරිදි ගෘහ/පුරවැසි දත්ත එකතු කිරීමට හා සියලුම ග්‍රාම නිලධාරීන් තොරතුරු දැනුමෙන් සවිබල ගැන්වීමට රජය සැලසුම් කර තිබේ.
ඒ අනුව සමස්ත දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි කළුතර, පුත්තලම, ගාල්ල, හම්බන්තොට සහ මන්නාරම දිස්ත්‍රික්කවල මේ වැඩසටහන පළමු පියවරේ දී ක්‍රියාත්මක කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
මේ ව්‍යාපෘතිය සඳහා වන කාලය වසරකින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශ වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන අතර ඒ වෙනුවෙන් කමිටුවක් පත්කර තිබෙන බවද අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අගමැති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් වෙනම කමිටුවක් පත්කර තිබෙන බවද රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව ඉදිරි සැලසුම්ගත කාර්යයන් සඳහා ඉදිරි 2023 වර්ෂය සඳහා රුපියල් මිලියන 1,500 ක් ද 2024 වර්ෂය සඳහා රුපියල් මිලියන 1,300 ක් ද අයවැය ප්‍රතිපාදන අපේක්ෂා කරන අතර ග්‍රාම නිලධාරීන්ට මූලික පරිගණක පුහුණුව ලබාදීම යටතේ ග්‍රාම නිලධාරීන් 500 ක් පුහුණුව සඳහා අවබෝධතා ගිවිසුමකට එළ ඹ තිබෙන බවද FITTIS, BCS සහ SLASSCOM ආයතන මේ පුහුණුව නොමිලේ ලබාදීමට එකඟ වී තිබෙන බවද එම අමාත්‍යාංශය කියයි.