යාල ගැමුණුට වෙඩි තියලා | Page 2 | සිළුමිණ

යාල ගැමුණුට වෙඩි තියලා

යාල වනෝද්‍යානයේ 'චණ්ඩියකු' ලෙස සැලකෙන 'ගැමුණු' නැමති හස්තියාට වෙඩි වැදී ඇතැයි වනජීවි දෙපාර්තමේන්තුව සදහන් කරයි. 
 
එම හස්තියාගේ ඉදිරිපස දකුණු පාදයට වෙඩි වැදී ඇති අතර, බඳින ලද තුවක්කුවක් පත්තු වීමෙන් මෙම තුවාල සිදු වන්නට ඇතැයි සැකකෙරෙන බව වනජීවි දෙපාර්තමේන්තුව සැක පහළ කරයි. 'ගැමුණු'ට ප්‍රතිකාර කිරීම මේ වන විට වන ජීවී නිලධාරින් විසින් ආරම්භ කර ඇත.
 
මෙම හස්තියාට අවශ්‍ය ප්‍රතිකාර සියල්ල උපරිමයෙන් ලබා දීමට පියවර ගන්නා ලෙස වනජීවි වන සම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා එම අමාත්‍යාංශයේ ලේකම්වරියට සහ වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

Comments