Al-Futtaim සමාගම ව්‍යාපාරික මෙහෙයුම් ප්‍රතිව්‍යුහගත කරයි | සිළුමිණ

Al-Futtaim සමාගම ව්‍යාපාරික මෙහෙයුම් ප්‍රතිව්‍යුහගත කරයි

ලොව රථවාහන සම්බන්ධ ප්‍රමුඛතම සන්නාම, සේවාවන් සහ විසඳුම් මෙරටට හඳුන්වා දුන්, Al-Futtaim සමාගමේ පූර්ණ අයිතිය යටතේ පවතින සමාගමක් වන AMW, ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක තම ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට තීරණය කර ඇත. ඒ යටතේ වසා දැමීමට නියමිත මධ්‍යස්ථාන හඳුනා ගැනීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී.

මේ ආකාරයට AMW සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ ඉහළ උද්ධමනය, වාහන ආනයනය තහනම් කිරීම සහ ඉහළ පොලී අනුපාත වැනි, රථවාහන කර්මාන්තයට මුහුණ දීමට සිදු වී ඇති අභියෝගවලට දක්වන ඍජු ප්‍රතිචාරයකි.

 

Comments