වින්ධ්‍යා පෙරේරාට ‘වසරේ තරුණ ව්‍යවසායිකාව’සම්මානය | සිළුමිණ

වින්ධ්‍යා පෙරේරාට ‘වසරේ තරුණ ව්‍යවසායිකාව’සම්මානය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මැණික් කැපීමේ සහ ඔපදැමීමේ සමාගමක් වන Lustre Designs Corporation නිර්මාතෘ වින්ධ්‍යා පෙරේරා පසුගියදා බංගලාදේශයේ ඩකා නුවර Pan Pacific Sonargaon හිදී පැවැත්වුණු දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 (SABE) සම්මාන උළෙලේදී කාන්තා නායකත්ව කාණ්ඩය යටතේ ‘වසරේ තරුණ ව්‍යවසායිකාව’ ලෙස සම්මානයට පාත්‍ර විය. සම්මාන උලෙළේ දී Lustre Designs Corporation හි මවු සමාගම වන බ්‍රිලියන්ට්කට් සමාගම කපන ලද මැණික් සාර්ථකව අපනයනය කිරීම වෙනුවෙන් ස්වාභාවික සම්පත් අංශයේ අපනයන කළමනාකරණය කාණ්ඩය යටතේ විශිෂ්ටතා සම්මානයක් අඛණ්ඩව දෙවන වරටත් දිනා ගත්තේය.

Comments