කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී ලංකා බැංකුව සමඟ ගිවිසුමක | Page 2 | සිළුමිණ

කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී ලංකා බැංකුව සමඟ ගිවිසුමක

1999 වර්ෂයේ දී හුදෙක් නාගරික ප්‍රාදේශයන්ට පමණක් සීමාවී තිබූ රක්‍ෂණ සේවාව, ග්‍රාමිය ජනතාව වෙනුවෙන් සමීප කිරීමේ පුරෝගාමීයා ලෙස මෙරට රක්‍ෂණ ව්‍යාපාරයට පැමිණි කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී, අද වන විට මෙරට රක්‍ෂණ කර්මාන්තයේ කෙටි කාලයක් ඇතුලත වැඩිම වර්ධන වේගයක් සනිටුහන් කර රක්‍ෂණ සමාගම් අතර ඉදිරියෙන්ම සිටින සමාගමකි.

සිය ගමනේ තවත් අභිමානවත් පියවරක් තබමින් කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී සිය ගනුදෙනුකරුවන්ට උපරිම සේවාවක් සැලසීමේ අරමුණින් යුතුව මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුව සමඟ රක්‍ෂණ ගිවිසුමකට (රථවාහන හා ගිනි) එළඹිම පසුගිය ඔක්තෝම්බර් 27 වෙනිදා සිදුවිය.

Comments