
එමිරේට්ස් සමූහය 2022-23 මූල්‍ය වසරට අදාළ මුල් අර්ධ වර්ෂයේදී එක්සත් ආරාබි එමිරේට් ඩිරාම් බිලියන 4.2ක ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක ශුද්ධ ලාභයක් වාර්තා කර තිබෙන අතර එය මාස හයක් තුළ ලැබූ වාර්තාගත කාර්යසාධනයකි. පසුගිය වසරේ අදාළ කාලයේදී සමූහය ලැබූ ඩිරාම් බිලියන 5.7ක ඇමරිකානු ඩොලර් බිලියන 1.6ක අලාභය සමග සැසඳීමේදී මෙය ඩිරාම් බිලියන 10ක වර්ධනයකි.
මේ අතර, 2022-23 මූල්‍ය වසරේ මුල් මාස හය තුළදී සමූහය ඩිරාම් බිලියන 56.3ක ඇමරිකානු ඩොලර් බිලියන 15.3ක ආදායමක් වාර්තා කර තිබෙන අතර එය පසුගිය වසරේදී ලැබූ ඩිරාම් බිලියන 24.7ක ඇමරිකානු ඩොලර් බිලියන 6.7ක ආදායමට සාපේක්ෂව 128%ක වර්ධනයක් වේ. මෙම වර්ධනයට හේතුවී තිබෙන්නේ කොවිඩ්-19 වසංගතයට අදාළව පැවති ගුවන් ගමන් සීමා ඉවත් කිරීම නිසා ගුවන් ගමන් සඳහා ලෝකය පුරා ඇතිවූ ඉහළ ඉල්ලූමයි.