අන්තර් විශ්වවිද්‍යාල කුසලතා ප්‍රසංගය නොවැම්බර් 24 දා නෙළුම් පොකුණේදී | සිළුමිණ

අන්තර් විශ්වවිද්‍යාල කුසලතා ප්‍රසංගය නොවැම්බර් 24 දා නෙළුම් පොකුණේදී

කොළඹ ආසියා පැසිෆික් තොරතුරු තාක්ෂණ ආයතනයේ (APIIT) ශිෂ්‍ය ක්‍රියාකාරකම් සමාජය විසින් සංවිධානය කරන ලද Tantalize, ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර් විශ්වවිද්‍යාල කුසලතා ප්‍රසංග අතුරින් එකකි.

වසර ගණනාවක් පුරා මෙය Iluminate සහ Blaze වැනි විස්මිත තරුණ දක්ෂතා සහ ශ්‍රී ලංකාවේ විනෝදාස්වාද ක්‍ෂේත්‍රයේ කැපී පෙනෙන කලාකරුවන් බිහිකළ වේදිකාවක් ලෙස පිළිගැනිණි. COVID-19 වසංගතය හේතුවෙන් වසර 2ක නිහඬතාවයකින් පසුව, Tantalize නැවතත් 12 වන වරට එළිදැක්වේ.

අවසාන වටයට හොඳම දක්ෂතා තෝරාගැනීම සදහා පළමු වට 2022 ඔක්තෝබර් 8 සහ 15 යන දිනවල අවසන් කරන ලදී. ශ්‍රී ලංකාවේ කීර්තිමත් විශ්ව විද්‍යාල 8 ක ගායනය, නැටුම්, තූර්ය වාදන සහ වාදන යන කාණ්ඩ හතරෙන් අවසන් තරඟකරුවන් 14 දෙනෙකු සමඟ අවසන් මහා තරඟය 2022 නොවැම්බර් 24 වන දින නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී සවස 6.30 සිට පැවැත්වීමට නියමිතය.

Comments