සත්‍ය හා සංහිඳියා කාර්යාලය යළිත් | සිළුමිණ

සත්‍ය හා සංහිඳියා කාර්යාලය යළිත්

ප්‍රජාවන් අතර කල්පවත්නා සංහිඳියාවක් ඇති කර ගැනීමට සත්‍ය හා සංහිඳියා කාර්යාලය නැවත පිහිටුවීමට රජය තීරණය කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දීමට දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ට පොරොන්දු වී තිබේ.

සංහිඳියා කාර්යාලය පිහිටුවීමේ යෝජනාව යහපාලන රජය සමයේ 2015 වසරේදී ඉදිරිපත් කරන ලද්දේ එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහයන් විසිනි. දකුණු අප්‍රිකාව කළු සුදු බේදය අවසන් කළ ආකාරයට මෙරට ප්‍රජාව අතර සංහිඳියාව ඇති කිරීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීම මෙම කාර්යාලයේ අරමුණ වේ. සත්‍ය හා සංහිඳියා කාර්යාලයක් ස්ථාපිත කිරීමේ සාකච්ඡාවක් මෙසේ පැවැත්වුණේ ඉකුත් බ්‍රහස්පතින්දා කටුනායක ගුවන් හමුදා අමුත්තන් පිළිගැනීමේ ශාලාවේ දීය. ජී 20 සමුළුව අවසන් කොට නැවත සිය රට බලා යද්දී කෙටි විවේකයක් ගැනීමට දකුණු අප්‍රිකානු ජනපති සිරිල් රම්පෝසා මෙරටට පැමිණියේ ය.

Comments