විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට කාර්යාලයක් | Page 2 | සිළුමිණ

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට කාර්යාලයක්

විදේශ අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ කාර්යාලයක් (Office of the Overseas) දෙසැම්බර් මස වනවිට ස්ථාපිත කිරීමට රජය පියවර ගෙන තිබේ. මේ ඔස්සේ විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයන් ට සෘජුව මෙම කාර්යාලයට සම්බන්ධ වී මෙරට ප්‍රගමනයට සහාය දිය හැකිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් බලයට පත් වූ විගස රටට උපකාර කරන ලෙස ඩයස්පෝරාව ඇතුළු විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.

ඩයස්පෝරා සාමාජිකයන් බ්‍රිතාන්‍යයේ දී හමු වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ඔවුන් සමඟ සාකච්ඡා කළ අතර එහිදී ඩයස්පෝරාව යන නාමය වෙනුවට විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ලෙස ඔවුන් හඳුන්වා දීමට තීරණය කෙරිණි. නව කාර්යාලය ස්ථාපිත කිරීමෙන් පසුව සිංහල හා දෙමළ ඩයස්පෝරාවට එම කාර්යාල සම්බන්ධීකරණය කරමින් සෘජුව සම්බන්ධ වී මෙරට ආයෝජනය කළ හැකිය.

නව කාර්යාලය ස්ථාපිත කිරීමේ කැබිනට් පත්‍රිකාව ඉදිරි සතියේ දී ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කර දෙසැම්බර් අගවන විට කාර්යාලය ඇරඹෙනු ඇත. මෙම තීරණයන්ට එළැඹියේ විදේශ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රී, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් අතර ඉකුත් සතියේ පැවැති සාකච්ඡාවකදීය

Comments