මෙරටට ඇතුළු වන විදෙස් ආරක්ෂක අංශවලට අයත් ගුවන් හා නාවික යාත්‍රාවලට නව මෙහෙයුම් පද්ධතියක් | සිළුමිණ

මෙරටට ඇතුළු වන විදෙස් ආරක්ෂක අංශවලට අයත් ගුවන් හා නාවික යාත්‍රාවලට නව මෙහෙයුම් පද්ධතියක්

ශ්‍රී ලංකාවට පැමිණෙන ආරක්ෂක ගුවන් යානා සහ නෞකා පිළිබඳ තීන්දු ගැනීම උදෙසා ආරක්ෂක අංශ වෙත නව ස්ථාවර මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ගේ මෙහෙයවීමෙන් ආරක්ෂක ප්‍රධානීන් මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව සකස් කර ඇති මෙම නව මෙහෙයුම් පද්ධතිය ඉදිරියේ දී ක්‍රියාත්මක වීමට යෝජිතය

‘චීන යුවාන් වැන්ග් 5‘ නෞකාව මෙරටට පැමිණෙද්දී එය ඔත්තු බලන නෞකාවක් ලෙස ප්‍රකාශ වීමත් සමඟම රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් දක්වා එය දුර දිග ගියේ ය.

ජනපති රනිල් වික්‍රමසිංහයන් විසින් එහිදී ආරක්ෂක උපදේශක සාගල රත්නායකට උපදෙස් දෙනු ලැබුවේ වහාම මෙයට අදාළව ස්ථාවර වැඩපිළිවෙළක් සකසන ලෙසය. මේ අනුව රාජ්‍ය තාන්ත්‍රික ගැටලු මතු නොවන ලෙසට ආරක්ෂක නෞකා හා ආරක්ෂක ගුවන් යානා මෙරටට ඇතුළුවීමට අවසරදීම සම්බන්ධව නව වැඩපිළිවෙළ යටතේ අවශ්‍ය තීන්දු ගනු ලැබේ.

Comments