එච්. එස්. සරත් ගේ 50වැනි ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය නොවැම්බර් 20 දක්වා ලයනල් වෙන්ට්ඩ් කලාගාරයේදී | Page 2 | සිළුමිණ

එච්. එස්. සරත් ගේ 50වැනි ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය නොවැම්බර් 20 දක්වා ලයනල් වෙන්ට්ඩ් කලාගාරයේදී

ප්‍රවීණ චිත්‍ර ශිල්පි එච්. එස්. සරත් ගේ 50 වැනි ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ජනපති රනිල් වික්‍රමසිංහයන් විසින් කොළඹ ලයනල් වේන්ට්ඩ් කලාගාරයේ දී ඉකුත් 17 වැනි දා පස්වරුවේ විවෘත කරන ලදි.

ලබන වසරට යෙදෙන 75වැනි නිදහස් සංවත්සරය වෙනුවෙන් මෙරට අභිමානය විදහා දැක්වෙන දැවැන්ත චිත්‍ර තරගයක් සහ ප්‍රදර්ශනයක් සංවිධානය කිරීමට අපේක්ෂා කරන බවද එයට මෙරට සිටින දක්ෂ චිත්‍ර ශිල්පීන් සියලු දෙනා දායක කරගන්නා අතරම නවක චිත්‍ර ශිල්පීන්ටද තම දක්ෂතා එළි දැක්වීමට එය මහඟු අවස්ථාවක් වන බවද ප්‍රදර්ශනය විවෘත කරමින් ජනපති රනිල් වික්‍රමසිංහයන් ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට අගවිනිසුරු ජයන්ත ජයසූරිය ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති සමන් අතාවුදහෙට්ටි ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ. මෙම චිත්‍ර ප්‍රදර්ශනය නොවැම්බර් 20 වැනි දා දක්වා මහජනයා සඳහා විවෘතය. (ඡායාරූපය - සුදත් මලවීර)

Comments