සතියේ කල දවස | සිළුමිණ

සතියේ කල දවස

මේෂ - ධන ලාභ

සතිය ආරම්භය තරමක් අසුබවාදී වුවද දෙවැනි තුන්වැනි දිනවලදී මිල මුදල් ලාභ හිමි වේ. ගෘහ ජීවිතයේ සුළු සුළු මතගැටුම් ඇති වුවද දිගින් දිගටම නොපවතී. සහජ හැකියාවන්ට ඉඩකඩ විවර වෙන අතර, දුවා දරුවන්ගේ ඉගෙනීමේ දක්ෂතා මතු කරයි. රැකියා, ව්‍යාපාර සහ කෘෂිකාර්මික කටයුතු පල දරයි. පාදවල සහ උරහිස් වේදනා, හිසරදය, සෙම් රෝග මතු වේ. අපල අවම කර ගැනීමට පිළිකා රෝගියකුගේ ඖෂධ සඳහා මුදලකට දායක වන්න.

අය 5, වැය 3, සුබ අංකය 7, සුබ වර්ණය රතු, සුබ දවස අඟහරුවාදා

වෘෂභ - ගෘහ ජීවිතය සතුටුදායකයි‍

ආරම්භක දිනයේ උදය කාලය සුබ පල ඇතත් සවස් වන විට පසු දින සුබ පල ගෙන දෙයි. ගෘහ ජීවිතය වාසනාවන්ත වේ. රැකියා ව්‍යාපාර, කෘෂිකාර්මික අංශවලින් ලාභ ප්‍රයෝජන අත් වේ. අතමිට මිල මුදල් ගැවසේ. අධ්‍යාපනය ලබන දුවා දරුවන්ට සුබදායකය. පාදවල වේදනා, සෙම් රෝග, දත් සහ ඇස්වල අසනීප ගති මතුවිය හැකිය. කරඳ කොළ මත පහන් 7ක් දල්වා බෝධීන් වහන්සේ අබියස කරණීයමෙත්ත සූත්‍රය සිංහලෙන් සහ පාලියෙන් කියන්න.

අය 8, වැය 5, සුබ අංකය 6, සුබ වර්ණය ක්‍රීම්, සුබ දවස සිකුරාදා

මිථුන - යහපත් සතියකි

රැකියා, ව්‍යාපාරික සහ කෘෂිකාර්මික අංශවලින් ලාභ ප්‍රයෝජන හිමි වේ. ගෘහ ජීවිතය තුළ සුළු මතගැටුම් පෙන්නුම් කළද ඒවා තාවකාලිකය. නිෂ්ඵල ගමනක් හේතුවෙන් පාඩු විඳීමට සිදු විය හැකිය. බුද්ධිමත්ව කටයුතු කරන දරුවන් ඉගෙනීමේ ජයග්‍රහණ අත්පත් කර ගනියි. දරුඵල අපේක්ෂාවෙන් සිටි අයට ද සුබ සතියකි. කලවා, දණහිස්වල වේදනා, හිසරදය සහ සෙම් රෝග මතුවිය හැකිය. ඉගෙන ගන්නා වයසේ දරුවකුට උපකාර කිරීමෙන් අපල සමනය වේ.

අය 8, වැය 5, සුබ අංකය 5, සුබ වර්ණය කොළ, සුබ දවස සිකුරාදා

කටක - අතමිට සරු වෙයි

සඳු ගමන් ආරම්භ කරන්නේ 9, 10, 11 සහ 12 වැන්න මතිනි. පුණ්‍ය කටයුතුවලින් ආරම්භ වන සතියේ රැකියා සඳහා ඇවිදිලි වැඩ වැඩි වෙයි. මිල මුදල් අතමිට ගැවසේ. එමෙන්ම වියදම් යෙදෙන කාරණා ද මතු වෙයි. පාඩු සහ අලාභවලට ඉඩ ඇත. දරුවන්ගේ ඉගෙනුම් කටයුතු හොඳින් කරගෙන යෑමට හැකිය. උදර රෝග, තුනටියෙන් පහළ වේදනා මතු වීමට හැකි අතර, සෙම් රෝග ද බහුල වේ. උදෑසනම බුදුන්ට සුදු මල් සමඟ පැන් වීදුරුවක් පූජා කරන්න.

අය 7, වැය 5, සුබ අංකය 9, සුබ වර්ණය සුදු, සුබ දවස සඳුදා

සිංහ - අරමුණු ඉටු වේ

සඳු ගමන් ආරම්භ කරන්නේ 8, 9, 10, 11 භාවයන් මතිනි. ආරම්භක දිනයේ සවස් වන තුරු අපල පැවතියද ඉන් පසු යහපත් වන අතර, සමාජ පිළිගැනීම්වලට ලක්වන සහ රැකියා හා ව්‍යාපාරික අංශවලින් ලාභ ප්‍රයෝජන හිමි වේ. තැපැල් මඟින් හෝ පරිගණක අංශ තුළ කටයුතු කරන අයට වාසිදායකය. ගෘහ ජීවිතය සමාදානයෙන් ගත වේ. තුනටියෙන් පහළ අවයවවල අසනීප ඇතිවිය හැකිය. අපල අවම කර ගැනීමට වයසක මවු කෙනෙකුට හැකි අයුරින් උපකාරයක් කරන්න. අය 5, වැය 3, සුබ අංකය 1, සුබ වර්ණය රතු, සුබ දවස ඉරිදා

කන්‍යා - ව්‍යාපාර සහ රැකියා දියුණුව

සඳු ගමන් ගන්නේ 7, 8, 9 සහ 10 වැන්න මතිනි. ව්‍යාපාර හා රැකියා අංශවල දියුණුව ඇති වේ. ගෘහ ජීවිතයේ ගැටලු ඇති වුවද දුරදිග නොයයි. ඇවිදිලි වැඩි වන අතර, සුළු අනතුරු ද පෙන්වන බැවින් පරෙස්සමෙන් කටයුතු කරන්න. දරුවන්ගේ අධ්‍යාපනික කටයුතුවලට තරමක බාධා පැමිණේ. අපල අනතුරු අවම වීමට උදෑසනම බුදුන්ට පැන් වීදුරුවක් සහ නිල් පාට මල් පූජා කරන්න.

අය 11, වැය 8, සුබ අංකය 5, සුබ වර්ණය කොළ, සුබ දවස බදාදා

තුලා - අධ්‍යාපනික කටයුතුවලට සුබයි

සඳු ගමන් ගන්නේ 6, 7, 8 සහ 9 වැන්න මතිනි. ගෘහ ජීවිතය තුළ සුළු මත භේද, සතුරු කරදර හා අසනීප ගතිවලට ද ඉඩ ඇතත් දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සාර්ථකත්වයට පත් වේ. රැකී රක්ෂා හා ව්‍යාපාර කෘෂිකාර්මික කටයුතුවලින් සාමාන්‍ය ආදායමක් ලද හැකිය. අපල අවම කර ගැනීමට තිරිසන් සතුනට ආහාර සහ වතුර දෙන්න.

අය 7, වැය 5, සුබ අංකය 6, සුබ වර්ණය ක්‍රීම්, සුබ දවස සිකුරාදා

වෘශ්චික - අමතර ආදායම්

 සඳු ගමන් ආරම්භ කරන්නේ 5, 6, 7 සහ 8 වැන්න මතිනි. ඉවසීම, ධෛර්යය මත ගෘහ ජීවිතය ඔපවත් කරගත හැකිය. ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ ඉගෙනුම් කටයුතු බාධාවකින් තොරව කරගෙන යයි. රැකියාවට අමතර කරන ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන හිමි වේ. සතියේ අවසාන කොටස තුළ සුළු අපල, අජීර්ණ, කොඳුඇට පෙළේ වේදනා මතු කරයි. අපල අවම කර ගැනීමට වෙල් මාළුන්ට කෑම දෙන්න.

අය 7, වැය 4, සුබ අංකය 5, සුබ වර්ණය රතු, සුබ දවස බ්‍රහස්පතින්දා

ධනු - ජයග්‍රහණ රැසක්

සඳු ගමන් ගන්නේ 4, 5, 6 සහ 7 වැන්න මතිනි. ගෘහ ජීවිතය සමඟියෙන් ගෙවයි. විද්‍යාව, කථිකත්වය, නීතිය වැනි අංශවලින් දරුවන් වැඩි දක්ෂතා දක්වයි. මුත්‍රා ආසාදන, තුනටිය වේදනා, සුළු අනතුරු ඇතිවිය හැකිය. රැකියා, ව්‍යාපාර, කෘෂිකාර්මික අංශවල ඵල ප්‍රයෝජන ඇත. නීතිමය ගැටලු සම්බන්ධයෙන් පොදු ජනතාවට වාසි හිමිවේ. බෝධියක් හෝ චෛත්‍යයක් අබියස කහ පාට මල් පූජා කරන්න.

අය 8, වැය 5, සුබ අංකය 8, සුබ වර්ණය කහ, සුබ දවස ඉරිදා

මකර - සහෝදරයන්ගෙන් උපකාර

 සඳු ගමන් කරන්නේ 3, 4, 5 සහ 6 වැන්න මතිනි. සහෝදර උපකාර හිමි වේ. ගෙදරදොර වැඩ කටයුතු අනලස්ව සිදු කෙරේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යෑමට හැකි වාතාවරණයක් පෙන්නුම් කරයි. රැකියා හා වෙනත් ආදායම් මාර්ගවලින් ලාභ ප්‍රයෝජන ඇත. අසනීප, අනතුරුවලට ඉඩ ඇති බැවින් පරෙස්සමෙන් කටයුතු කරන්න.

අය 8, වැය 5, සුබ අංකය 9, සුබ වර්ණය නිල්, සුබ දවස සිකුරාදා

කුම්භ - වාසනාවන්ත සතියකි

සඳු ගමන් කරන්නේ 2, 3, 4 සහ 5 වැන්න හරහාය. අතමිට මිල මුදල් ගැවසෙන වාසනාවන්ත සතියකි. ඒරාෂ්ටක තත්ත්වයක් ද උද්ගතව ඇති හෙයින් ආවේගශීලී වන අවස්ථා පාලනය කර ගැනීමෙන් ගෘහ ජීවිතය සමඟියෙන් පවත්වා ගැනීමට හැකි වේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යා හැකිය. රැකියා හා ව්‍යාපාර කෘෂිකාර්මික කටයුතු ආදියෙන් ප්‍රයෝජන ලැබේ. සෞඛ්‍ය තත්ත්වය ගැන උනන්දු වන්න. තිරිසන් සතුනට ආහාර දීමෙන් අපල අඩු වේ.

අය 8, වැය 5, සුබ අංකය 3, සුබ වර්ණය නිල්, සුබ දවස සිකුරාදා

මීන - රැකියා ලාභ

සඳු ගමන් ගන්නේ ලග්නය 2, 3 සහ සිවුවැන්න හරහාය. වචනය පාලනය කර ගැනීමෙන් ගෘහ ජීවිතය සමාදානයෙන් පවත්වා ගත හැකිය. රැකියා, ව්‍යාපාර කටයුතු බාධාවකින් තොරව පවත්වා ගත හැකිය. දරුවන්ට තම හැකියාවන් තුළින් ඉදිරියට යෑමට අවස්ථාව සැලසේ.

සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් විය යුත්තේ ඇස්, දත්, කන්, උරහිස් සහ හෘද රෝග ඇති විය හැකි බැවිනි. උදේම බුදුන්ට කහ මල් ටිකක් සහ පැන් වීදුරුවක් පූජා කිරීමෙන් අපල අඩු වී සහනය සැලසේ.

අය 8, වැය 6, සුබ අංකය 9, සුබ වර්ණය කහ, සුබ දවස බ්‍රහස්පතින්දා

Comments