නැගෙනහිර පළාතේ පිරිවෙන් ඇගයීමක් | සිළුමිණ

නැගෙනහිර පළාතේ පිරිවෙන් ඇගයීමක්

පිරිවෙන් ඇගයීමේ නැගෙනහිර පළාත් උත්සවය ත්‍රීකුණාමලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ සහ පිරිවෙන් රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.
 
"ඵල සපිරි පිරිවෙනක් "යන තේමාව යටතේ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් මෙය සංවිධාන කර තිබුණි.
 
එහිදී නැගෙනහිර පළාතේ අතිදුෂ්කර ලෙස පවත්වාගෙන යන පිරිවෙන් බොහොමයක් ඇගයීමකට ලක්වුහ.
 
නව පිරිවෙන් ඇගයීමේ ජාතික වැඩසටහන යටතේ නැගෙනහිර පළාතේ ස්ථාපනය කර ඇති පිරිවෙන් අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය නංවාලීම උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
 
ඒ අනුව නැගෙනහිර පළාතේ පිරිවෙන් ඵලදායිතා ගුණාත්මක දර්ශකය ඉලක්ක කරගනිමින් පිරිවෙන් 29 මේ සඳහා තෝරා ගෙන තෝරාගෙන තිබුණි.
 
පළාතේ පිරිවෙන් සහ දහම් පාසල් අතිදුෂ්කර ගැටලු රාශියක් හමුවේ දුවා දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දීමට සහ භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙස වී කටයුතු කරමින් සිටී.
 
මෙම ක්‍රියාවලියට අනුව  ලකුණු 80ට වැඩි විශිෂ්ට ගණයට අයත් ඒ ශ්‍රේණිය ලබාගත් එක් පිරිවෙනක් බිහි විය.
 
ඊට අමතරව ලකුණු 70=79 ගණයේ ඉතා හොඳ මට්ටමේ පවතින පිරිවෙන් දෙකක් ද පළාතෙන් බිහි වීම විශේෂත්වයකි.

Comments