ගෑස් මිල අඩුවෙන්නේ මෙහෙමයි | සිළුමිණ

ගෑස් මිල අඩුවෙන්නේ මෙහෙමයි

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් අද(05) මධ්‍යම රාත‍්‍රියේ සිට අඩු කිරීමට ලිට්‍රෝ සමාගම කටයුතු කර තිබේ. 
 
ඒ අනුව කිලෝග‍්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 271 කින් අඩු කර ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 4,280ක් ලෙසිනි.
 
කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රු 107කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 1,720කි. කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් රුපියල් 48කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 800ක් වේ.
 
මිල සූත‍්‍රය ප‍්‍රකාරව මෙම මිල අඩු කරීම සිදුකරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පසුගියදා පැවසීය. 

Comments