LOLC දිවි සවිය මානුෂීය ප්‍රයත්නය දින සියය පසු කරයි | සිළුමිණ

LOLC දිවි සවිය මානුෂීය ප්‍රයත්නය දින සියය පසු කරයි

ඉහළ උද්ධමනය, බඩු මිල ඉහළ යාම, විදුලි හිඟය සහ ඉන්ධන අර්බුදය සියළු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවනෝපාය අඩපණ කරමින් දැවැන්ත බලපෑමක් ඇතිකර තිබේ.යුනිසෙෆ් සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි, ශ්‍රී ලංකාවේ සෑම පවුල් දහයකින් හතක්ම සිය ආහාර වේල අඩු කර ඇති අතර, ආහාර වේලේ ප්‍රණමාණය අඩුකිරීම මෙන්ම, මිලෙන් අඩු එමෙන්ම පෝෂ්‍යදායීත්වයෙන්ද අඩු ආහාර අනුභව කිරීමනිසා මිනිසුන්ගේ පෝෂණය පවත්වා ගැනීමට නිසැක සහායක් අවශ්‍ය බව පෙන්වා දෙයි.

LOLC හෝල්ඩිංග්ස් පිඑල්සී මීට දින 100කට පෙර, මෙරට ආහාර අර්බුදය විසඳීම සඳහා කඩිනම් පියවර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව පළමුවම හඳුනාගත් ආයතනයකි.

Comments