Huawei සමාගමෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා සංචිතයක් | Page 2 | සිළුමිණ

Huawei සමාගමෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා සංචිතයක්

Huawei සමාගමේ හා ASEAN පදනමේ සත්කාරකත්වයෙන් ආසියා-පැසිෆික් කලාපය තුළ අනාගතයට ගැළපෙන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා සංචිතයක් නිර්මාණය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සංවිධානය කෙරුණු ආසියා පැසිෆික් ඩිජිටල් කුසලතා සමුළුව රාජ්‍ය, අධ්‍යාපනික හා ව්‍යාපාරික අංශවල නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පසුගිය දා පැවැත්විණි. ඩිජිටල් බලය මුදා හැරීම සඳහා කුසලතා වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කෙරුණු මෙම සාකච්ඡාව Huawei සමාගම විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ප්‍රමුඛතම වැඩසටහනක් වන Huawei Connect සමුළුවට සමගාමීව පැවත්වුණි.

මෙහි දී අදහස් දැක්වූ ASEAN පදනමේ සමාජ-සංස්කෘතික ප්‍රජාව සඳහා වන නියෝජ්‍ය මහලේකම් එක්කෆාබ් ෆැන්තවෝන්ග් ප්‍රකාශ කළේ, Òකලාපය තුළ නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා වර්ධනය කර ගත හැකි ආකාරය ගැන දැනගැනීමට, ඔවුන්ගේ වර්තමාන තත්ත්වය හඳුනා ගැනීමට වගේ ම අනාගතයේ දී ගත යුතු පියවර ගැන සම්බන්ධීකරණය කිරීමටත් අපට මෙම සමුළුව ඉතා වැදගත් යනුවෙනි.

Comments