ගුවන් හමුදාවෙන් ‘ඊගල්ස් මොන්සූන් කප් 2022’ | සිළුමිණ

ගුවන් හමුදාවෙන් ‘ඊගල්ස් මොන්සූන් කප් 2022’

කොවිඩ් 19 අභියෝගයට පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මූලිකත්වයෙන් පවත්වන්නට යෙදෙන ගොල්ෆ් තරගාවලිය වන ‘ඊගල්ස් මොන්සූන් කප් 2022‘ සඳහා අනුග්‍රහය ලබා දීමට හුවාවි ටෙක්නොලජීස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ඉදිරිපත්ව ඇති අතර ඊට අදාළ චෙක්පත සංකේතාත්මකව ප්‍රදානය පසුගියදා ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

අනුග්‍රහක චෙක්පත ‘ඊගස්ල් මොන්සූන් කප් 2022‘ කමිටුවේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න රණසිංහයන් වෙත හුවාවි ටෙක්නොලජීස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් සහකාර උප සභාපති සුපුන් මනම්පේරි විසින් ප්‍රදානය කළ අවස්ථාය. මේ අවස්ථාවට හුවාවි ටෙක්නොලජීස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්හි මහජන සම්බන්ධතා නිලධාරි ලී ක්වින්ග් ද සහභාගි විය. (සේයාරුව - රංජිත් අසංක)

Comments