“සිනහා දකින අපේ ලොවක්” | සිළුමිණ

“සිනහා දකින අපේ ලොවක්”

ක්තෝබර් 1 වනදාට ලෝක ළමා දිනය යෙදේ. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ “සිනහා දකින අපේ ලොවක්” යන්නය. මෙරට සමස්ත ජනගහනය ලක්ෂ 218ක් පමණ වන අතර ඉන් 34%ක් එනම් ලක්ෂ 73ක් පමණ ළමා ජනගහනයට අයත් ය. එමෙන්ම වැඩිහිටි දිනයද යෙදී ඇත්තේ ඔක්තෝබර් 1 වෙනිදාටය. මෙවර “වෙනස් වන ලෝකයට ශක්තිමත් වැඩිහිටියෝ ” යන්නය. වයස අවුරුදු 60 ඉක්මවූ මෙරට වැඩිහිටි ජනගහනය ලක්ෂ 35ක් පමණ වන අතර එය 17%කි. සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය ඇමැති අනූප පැස්කුවල්ගේ ප්‍රධානත්වයෙන් වැඩිහිටි දිනය ද ලෝක ළමා දිනය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැති ගීතා කුමාරසිංහගේ ප්‍රධානත්වයෙන්ද පැවැත්වේ. මෙම ජාතික උත්සවයන්ට සමගාමීම දිවයින පුරා විවිධ වැඩසටහන් සංවිධානය කර ඇත.

සේයාරුවේ දැක්වෙන්නේ අඹතලේ සමුද්‍ර දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් ඉපැරැණි ළමා ක්‍රීඩා සිහිගන්වමින් පාසලේදී ළමා දිනය සැමරූ ආකාරයයි.

(සටහන - සුභද්‍රා දේශප්‍රිය, සේයාරුව - සුලෝචන ගමගේ)

 

Comments