ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බු­ද­යට ජපා­න­යෙන් අත­හිත | සිළුමිණ

ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බු­ද­යට ජපා­න­යෙන් අත­හිත

ශ්‍රී ලංකාවේ පවතින ණය අර්බුදය විසඳීමට සහාය දැක්වීමට ජපානය සූදානම් බව ජපානයේ මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි විදෙස් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ආසියානූ සංවර්ධන බැංකුවේ මහ බැංකු අධිපතිවරුන්ගේ වාර්ෂික සමුළුවට සහභාගී වීමෙන් පසුව මාධ්‍යට අදහස් ප්‍රකාශ කරන මොහොතේදීය.

ණය අර්බුදය විසඳීමට මිත්‍ර රාජ්‍ය සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් පසු ජපානය මෙලෙස සිය එකඟතාව පළ කර ඇති අතර චීනය, ඉන්දියාව ඇතුළු රාජ්‍යවලින්ද මේ සඳහා සහාය හිමි විය යුතු බව ජපාන මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.


 

 

Comments