මාධ්‍ය පාඨ­මා­ලා සහ­ති­ක ප්‍රදානය | සිළුමිණ

මාධ්‍ය පාඨ­මා­ලා සහ­ති­ක ප්‍රදානය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පැවැත්වූ මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ VIII වැනි කණ්ඩායමේ හා පුවත්පත් කලාව පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාවේ I වැනි කණ්ඩායමේ සහතිකපත් ප්‍රදානෝත්සවය ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය බැංකු විදුපියසේ දී පසුගියදා පැවැත්විණි. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ පී. මහලියනාරච්චි විසින් උත්සවයේ මුඛ්‍ය දේශනය පැවැත්වූ අතර පාඨමාලා සමායෝජකවරුන් වන සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, මහාචාර්ය ටියුඩර් වීරසිංහ හා පුවත්පත් මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

පාඨමාලාව හැදෑරූ සිසුන්ට ඇමතිවරයා විසින් සහතිකපත් ප්‍රදානය කළ අවස්ථාව මෙහි දැක්වේ.

Comments