මහ­නු­ව­රට සති අන්තයේ සුපිරි දුම්රි­යක් | සිළුමිණ

මහ­නු­ව­රට සති අන්තයේ සුපිරි දුම්රි­යක්

 

දේශීය හා විදේශීය සංචාරකයන් ඉලක්ක කර ගනිමින් සති අන්තයේ කොළඹ කොටුව හා මහනුවර අතර නව සුඛෝපභෝගී දුම්රියක් ධාවනයට යොදවා ඇත. ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ උපදෙස් මත මේ දුම්රිය ආරම්භ කර තිබේ. මංගල දුම්රිය ගමන ඔක්තෝබර් 1 වෙනිදා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුවෙන් සිදු කෙරිණි.

මෙම දුම්රිය සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම පෙරවර 6.30ට කොළඹ කොටුවෙන් පිටත්ව  මහනුවරට...

පෙරවරු 9.18ට මහනුවරට ළඟා වනු ඇත. පස්වරු 4.50 ට මහනුවරින් පිටත්වන එම දුම්රිය රාත්‍රී 7.40ට කොළඹ කොටුවට ළඟා වේ. වායු සමනය කළ 1 පංතියේ මැදිරියක එක් ගමන් වාරයක් සඳහා රුපියල් 2000.00ක මුදලක් හා දෙවන පංතියේ මැදිරියක එක් ගමන් වාරයක් සඳහා රුපියල් 1500.00ක් අය කෙරේ.

 

Comments