පෙළ පොත් මුද්‍රණ විය­දම පස් ගුණ­ය­කින් නඟී | සිළුමිණ

පෙළ පොත් මුද්‍රණ විය­දම පස් ගුණ­ය­කින් නඟී

සුගිය වසරට සාපේක්ෂව 2023 පාසල් අධ්‍යයන වර්ෂය සඳහා පෙළපොත් මුද්‍රණයට යන වියදම පස් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවත්, ඉන්දීය ණය ආධාර යටතේ මුද්‍රණ කටයුතු සඳහා ලැබෙන මුදලින් ඩොලර් මිලියන 20 මුදලක් පෙළපොත් කඩදාසි ඇතුළු මුද්‍රණ ද්‍රව්‍ය ගෙන්වීමට බලාපොරොත්තු වන බවත්, ලබන අප්‍රේල් මාසයේ නව අධ්‍යන වර්ෂයට පෙර සියලු සිසුන් අතට පෙළ පොත් ලබාදීමට සූදානම් වන බවත්, අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් පී. එන්. අයිලප්පෙරුම සිළුමිණට පැවැසීය.

කඩදාසි හා මුද්‍රණ ද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් 2023 වසර සඳහා පෙළ පොත් වර්ග 464 ක් හා පෙළ පොත් මිලියන 32.89 ක් මුද්‍රණය කිරීමට ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 16,000 ක් පමණ වෙතැයි ගණන් බලා ඇත.

මෙයින් පෙළපොත් මිලියන 14.70 ක් මුද්‍රණ කටයුතු සඳහා මුද්‍රණ සංස්ථාවට ලබා දීමට මේ වන විට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. එසේම තවත් පොත් මිලියන 18.19 ක් පෞද්ගලික අංශයට මුද්‍රණ කටයුතු සඳහා ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන අංශය කටයුතු කර ඇති අතර එයද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යොමු කිරීමට බලාපොරොත්තු වෙයි.

 

Comments