පාසල් සිසු­න්ගෙන් මුදල් ගැනීම තහ­නම් | Page 2 | සිළුමිණ

පාසල් සිසු­න්ගෙන් මුදල් ගැනීම තහ­නම්

ධ්‍යාපන හා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ විසින් ඒ ඒ පාසල් සඳහා අනුමත කරන ලද පාසල් ගාස්තු හැර ළමා, ගුරු දින ඇතුළු විවිධ උත්සව සඳහා පාසල් සිසුන්ගෙන් හෝ දෙමාපියන්ගෙන් කිසිදු ආකාරයකින් මුදල් එකතු කිරීම නොකළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ සිළුමිණට ඊයේ පැවසීය.

පාසල්වල අවිධිමත් ලෙස මුදල් අයකිරීම තහනම් කිරීමට 2015/5 දරන චක්‍රලේඛයක්ද නිකුත් කර ඇති බව අවධාරණය කළ අධ්‍යාපන ලේකම්වරයා දෙමවුපියන්ද දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විය පැහැදම් කරන හෙයින් එවැනි මුදල් වියදම් කෙරෙන කටයුතු නතර කිරීම විදුහල්පතිවරුන්ගේද වගකීමක් බව ද කියා සිටියේය.

පාසල් සිසුන්ගෙන්...

යම් විදුහලකින් අනවශ්‍ය ලෙසින් මුදල් ඉල්ලා සිටීයි නම් ඒ පිළිබඳ ආදාළ බලධාරීන් දැනුම්වත් කිරීම දෙමවුපියන්ගේද වගකීමක් බව ලේකම්වරයා අවධාරණය කළේය.

ඔහු මේ බව සිළුමිණට කියා සිටියේ හැටන් කොටගල බෝගහවත්ත ප්‍රදේශයේ පාසලක ගුරු උපහාර උළෙලක් පැවැත්වීම වෙනුවෙන් රුපියල් 300 ක මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් එම පාසලේ සිසුවියකට විදුහල්පති විසින් කොසු මිටකින් පහර දීම සම්බන්ධයෙන් සිළුමිණ කළ විමසීමකට පිළිතුරු දෙමිනි. මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් හැටන් අධ්‍යාපන කලාපයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

අධ්‍යාපන ලේකම්වරයා පෙන්වා දුන්නේ පාසල් ගාස්තු පවා දරුවන් හා දෙමවුපියන් පීඩනයකට ලක්කරමින් ඉල්ලා නොසිටිය යුතු බවත්, යම් දෙමවුපියෙකුට එම මුදල ගෙවා ගැනීමට නොහැකි නම් ග්‍රාම සේවක සහතිකයක් ඉදිරිපත් කිරීමෙන් එය නොගෙවා සිටීමේ හැකියාව ඇති බවය.

 

Comments