ජාතික සභාව නව දොර­ටු­වක් | සිළුමිණ

ජාතික සභාව නව දොර­ටු­වක්

ජාතික සභාව පාර්ලිමේන්තු ඉතිහාසයට අලුත් පිටුවක් විවර කරමින්, පාර්ලිමේන්තු වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාම සඳහාත්, ජනතාව හා පාර්ලිමේන්තුව අතර ඇති විශ්වාසය තව දුර‍ටත් තහවුරු වීම සඳහාත් විවෘත කෙරුණු අලුත් දොරටුවක් බවත්, ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සහ ආර්ථික ස්ථායිකරණය සඳහා මේ දරන උත්සාහය නව ආදර්ශයක් බවට පත්වන බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන සිළුමිණට පැවැසීය.

‘ජාතික සභාවේ’ මංගල රැස්වීමේදී අනු කමිටු දෙකක් පත් කිරීමට තීරණය කර ඇති අතර, කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා නියම කිරීමට මෙන්ම ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාවය ඇති කර ගැනීමට නියමිතය.


 

 

Comments