ජනා­ධි­පති ගන්නා වෑය­මට පොහො­ට්ටුවේ සහාය පේන්නේ නැහැ | සිළුමිණ

ජනා­ධි­පති ගන්නා වෑය­මට පොහො­ට්ටුවේ සහාය පේන්නේ නැහැ

නාධිපතිවරයා රට ගොඩ ගැනීමට දරන වෑයම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බොහෝ මැති ඇමැතිවරුන්ට නොතේරෙන බවත් ඇතැම් මැති ඇමැතිවරුන් තවමත් දූෂිත ක්‍රියාවන්හි නියැළෙන බවට චෝදනා ඇති බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න සිළුමිණට කීය. .

ජනාධිපතිවරයා රට ගොඩ ගැනීමට දරන උත්සාහයේ ප්‍රතිඵල මේ වන විට ලැබෙමින් පවතින බව පෙන්වා දුන් ඇමැතිවරයා මේ වන විට පෝලිම් අවසන් වී අන්තර්ජාතිකව සාධනීය පිළිතුරු ලැබී ඇතැයිද පෙන්වා දුන්නේය.

රට දැන් පත්ව ඇත්තේ ඉතාම අසීරු තත්ත්වයකට බවත් එයින් රට ගොඩ ගැනීමට සහාය දීම පක්ෂ විපක්ෂ සැමගේ වගකීම වුවත් එසේ වුවත් මේ වන විටත් ගල් අඟුරු හා ඉන්ධන ආනයනය සම්බන්ධව විධිමත් කටයුතු සිදු නොවන බවට වාර්තා වී ඇතැයිද ඔහු පැවසීය.

 

Comments