සත්තුවත්තේ ව්‍යාඝ්‍රයින්ට හා අශ්වයින්ට ආහාර පරිත්‍යාගයක් | සිළුමිණ

සත්තුවත්තේ ව්‍යාඝ්‍රයින්ට හා අශ්වයින්ට ආහාර පරිත්‍යාගයක්

දෙහිවල සත්වෝද්‍යානයේ සිටින රාජකීය බෙංගාලි ව්‍යාඝ්‍රයින්ට හා අශ්වයින්ට ආහාර ලබා දීම සඳහා  Aussee Oats Milling පුද්ගලික ආයතනය විසින් රුපියල් මිලියනයක  මුල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී.
 
ඊට අදාල චෙක්පත කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත Aussee Oats Milling පුද්ගලික ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ Raghav Guptha මහතා විසින් ඊයේ(28) බාර දෙනු ලැබීය.
 
ශ්‍රී ලංකාවේ සත්වෝද්‍යානවල සිටින සතුන්ට ආහාර  සැපයීම  සඳහා මේ වනවිට විවිධ ආයතන මෙන්ම පුද්ගලයින් ද ඉදිරිපත්ව කටයුතු කරති. පසුගිය කාලය තුළ කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග ඇති වු ආර්ථික අර්බුදකාරි තත්ත්වය නිසා දේශීය හා විදේශීය සංචාරකයින්ගේ පැමිණීම අඩු වීම නිසා සත්වෝද්‍යානවල සිටින සතුන්ට ආහාර සැපයීමට රජයට විශාල මුදලක් වැය කිරීමට සිදුවිය.
 
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමක් අනුව විවිධ පාර්ශ්ව මේ වන තෙක් සතුන්ට ආහාර සැපයීමට ඉදිරිපත් වීම අගය කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
 
මේ අතර සතුන්වත්තේ සිටින අශ්වයින්ට ආහාර සඳහා අවශ්‍ය ඔට්ස් සැපයීම සඳහා ද Aussee Oats Milling පුද්ගලික ආයතනය වෙත දැනුම් දීමට කටයුතු කරන බව කළමනාකරණ අධ්‍යක්ෂ Raghav Guptha මහතා පැවසීය.
 

Comments