ෂාකිරාට එරෙහිව ආදයම් බදු චෝදනා | සිළුමිණ

ෂාකිරාට එරෙහිව ආදයම් බදු චෝදනා

ලෝක ප්‍රසිද්ධ ගායිකාවක් වන  ෂකීරාට විරුද්ධව බදු ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙයි.
 
2012 සිට 2014 දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 14.31ක ආදායම් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම චෝදනා එල්ල වී ඇති බව වැඩිදුරටත් සඳහන් වෙයි.
 
ස්පාඤ්ඤ අධිකරණයක මෙම චෝදනාවලට එරෙහි ව ඇය වගඋත්තරකාරියක් කර ඇති බව යි විදෙස් මාධ්‍ය වාර්තා කරයි
 
‍කෙසේ නමුත් කොලොම්බියානු ජාතික 45 හැවිරිදි ෂකීරා තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙයි.
 
 ඇයට එල්ල වන මෙම චෝදනාවලට වරදකාරියක් වුව හොත් වසර 8කට බන්ධනාගාරගත වීමට සිදු වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි
 

Comments