Colombo City Centre සිය සිවු වැනි සංවත්සරය සමරයි | සිළුමිණ

Colombo City Centre සිය සිවු වැනි සංවත්සරය සමරයි

 

Colombo City Centre හි සිවු වන සංවත්සරය සැප්තැම්බර් 19 වන දිනට යෙදී තිබූ අතර ඒ වෙනුවෙන් සුවිශේෂී වැඩසටහන් රැසක් සූදානම් කර තිබුණි. සංවත්සර දිනට පෙර පැවති සති අන්තයේ විශාල පිරිසක් CCC වෙත පැමිණි අතර පවුලේ අය සමඟ සතුටින් පිරි අත්දැකීම් විඳ ගනිමින් වෙළඳසැල් වෙතින් සුවිශේෂී සංවත්සර දීමනා හිමිකර ගන්නා ආකාරය දැක ගත හැකි විය.

වසර 4 ක් පුරා පැමිණි සාර්ථක ගමන්මඟ සිහිපත් කරමින් සැණකෙළි සිරියකින් සිවු වැනි සංවත්සරය සැමරීමට CCC විසින් කටයුතු කරන ලදි. සිය සිවු වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් කේක් කැපීමේ අවස්ථාව සඳහා CCC කළමනාකාරීත්වය මෙන්ම වෙළඳසැල් පවත්වාගෙන යන ව්‍යාපාරික ප්‍රජාව සහභාගී වූ අතර ගත වූ වසර 4 ක් පුරා දක්වන ලද දායකත්වය වෙනුවෙන් වෙළඳසැල් පවත්වාගෙන යන ව්‍යාපාරික ප්‍රජාව විශේෂ ඇගයීමකට ලක් කරන ලදි.

Comments