රයිගම් වයඹ සෝල්ටන්ස් ඉහළම වර්ධනයක් | සිළුමිණ

රයිගම් වයඹ සෝල්ටන්ස් ඉහළම වර්ධනයක්

 

රයිගම් වයඹ සෝල්ටන්ස් පී. එල්. සී ශ්‍රී ලංකාවේ අගය එකතුකළ ලුණු වෙළඳපොලේ ඉසි, රුචි, වෙල්කම්, ට්‍රිපල් වොෂ් ඇතුළු සන්නාම ගණනාවක් යටතේ විවිධ ලුණු නිෂ්පාදන පාරිභෝගික ජනතාව වෙත සපයන අතර කර්මාන්තකරුවන්ගේ අවශ්‍යතා සඳහා විවිධ ගුණත්වයෙන් යුත් නිෂ්පාදන තොග වශයෙන් සැපයීමද සිදුකරයි.

රයිගම් වයඹ සෝල්ටන්ස්හි පාරිභෝගික නිෂ්පාදනවල ඉහල ගුණත්වය සහතික කරමින් ශ්‍රී ලංකා ප්‍රමිති සහතික ISO ලබා ඇති අතර ආයතනයේ පෙරසැරි සඳහා SLS ජාත්‍යන්තර ප්‍රමිතිකරණ සහතික ලැබී ඇත.

රයිගම් වයඹ සෝල්ටන්ස් සතු ලුණු ලේවායන්, පිරිපහදු සහ කර්මාන්තශාලා,පුත්තලම සහ හම්බන්තොට ප්‍රදේශවල ක්‍රියාත්මක වන අතර රයිගම් සමාගම් සමූහයේ මවු සමාගමට අයත් ත්‍රිකුණාමලය කුච්චවේලීහි පිහිටි අක්කර 1800 කින් යුත් ලුණු ලේවාය මගින් අවශ්‍ය අමතර යෙදවුම් (කර්මාන්ත ලුණු) සැපයීම තහවුරු කර ඇත. තවද පුත්තලමේ පිහිටි පුත්තලම් සෝල්ට් ලිමිටඩ් (ජාතික ලුණු සංස්ථාවේ අනුප්‍රාප්තිකයෙකි) සමාගමද රයිගම් සමුහයේ ආශ්‍රිත සමාගමකි.

රටම දන්නා “රයිගම්” වෙ‌ෙළඳ සන්නාමය සහ දිවයින පුරා විහිදුනු ශක්තිමත් බෙදාහැරීමේ ජාලය රයිගම් සමාගම් සමූහයේ ප්‍රගතිය සඳහා දායක වන ප්‍රධාන සාධකයන් වේ.

විශේෂයෙන්ම පසුගිය වර්ෂයේ රුපියල් මිලියන 959.6ක් වූ සමූහයේ පිරිවැටුම රුපියල් මිලියන 1,147 දක්වා 19.5% කින් වර්ධනය කර ගැනීමට සමත්වූ අතර, එය සමුහයේ මෙතෙක් වාර්තා කළ ඉහළම වාර්ෂික පිරිවැටුමයි. එමෙන්ම සමුහයේ බදු ගෙවූ පසු ලාභය රුපියල් මිලියන 149.7 සිට රුපියල් මිලියන 215.6 දක්වා වර්ධනය වූ අතර එය 44% ක වාර්ෂික වර්ධනයකි.

මෙම සාර්ථක මූල්‍ය ප්‍රතිඵල මත සමාගමේ කොටසක සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් 0.53 සිට රුපියල් 0.76 දක්වා වර්ධනය වූ අතර එමඟින් කොටස් හිමියන්ගේ ආයෝජනයේ වටිනාකම ද ඉහළ නංවමින් එක් කොටසක් සඳහා වන ශුද්ධ වත්කම් රු.05.06 සිටි රු.5.74 දක්වා වර්ධනය විය.

සමාලෝචිත වර්ෂය තුළ නිෂ්පාදන ක්‍රියවලිය මඟින් එකතු කළ වටිනාකම රුපියල් මිලියන 669.2 කි. ඉන් රු.129.3 කින් රජයේ බදු ආදායමට දායක වී ඇත.

රයිගම් වයඹ සීරියල්ස් ප්‍රයිවට් ලිමිටඩ් නමින් නව උප සමාගමක් ස්ථාපනය කල අතර ඒ යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැල්ලව ප්‍රදේශයේ විශාල ප්‍රමාණයේ ධාන්‍ය ගබඩාවක් සහ ධාන්‍ය පිරිසැකසුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ හඳුන්වාදෙන ප්‍රථම නිෂ්පාදනය “ණැනපෝෂ” නමින් වෙළඳ පොලට හඳුන්වාදීමද සිදුවිය. ණැන පෝෂ - බඩ ඉරිඟු, සෝයා, සහල්, මුංඇට යන ධන්‍ය වල සුසංයෝගයක් වන අතර නවීන යන්ත්‍රානුසාරයෙන් ධාන්‍ය පිරිසිඳුකර, අඹරා පිසගැනීමෙන් අනතුරුව පෝෂණ ගුණය නැංවීම සඳහා අතිරේක විටමින් පදාර්තයන්ද එකතුකර, ධාන්‍යමය ආහාරයක් ලෙස වෙ‌ෙළඳ පොළට නිකුත් කෙරේ.

මෙම ව්‍යාපෘතිය යටතේ මෙවර අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැලි H කළාපයේ සහ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ ගොවි පවුල් 1250 ක් සම්බන්ධ කරගනිමින් හෙක්ටයාර 500 ක පමණ සෝයා බෝංචි වගාකර ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අමතර වෙනත් ධාන්‍ය වර්ග වන වී, බඩ ඉරිඟු සහ මුං ඇටද ඍජුවම ගොවි බිම්වලින් මිලදී ගන්නා අතර එමගින් උසස් තත්ත්වයේ නැවුම් අස්වනු මිලදී ගැනීමට සහ ගොවි මහතුන් සඳහා ඉහළ මිලක් ලබාදීමට ද හැකිවී ඇත.

 

Comments