බේබි ෂෙරමි සිය 60 වැනි සංවත්සරය සමරයි | සිළුමිණ

බේබි ෂෙරමි සිය 60 වැනි සංවත්සරය සමරයි

 

Hemas මැනුෆැක්චරින් සමාගම මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙන ප්‍රමුඛතම සන්නාමයක් මෙන් ම, මෙරට වඩාත් ජනාදරයට පත් සන්නාමයක් වන බේබි ෂෙරමි විසින් සිය 60වැනි සංවත්සරය පසුගිය දා සමරන ලදි.

දශක හයක ගමන් මඟ තුළ ඕඩි කොලොන්ග් නිෂ්පාදනයේ සිට ඉතා පුළුල් පරාසයක ආරක්ෂිත හා මෘදු ළදරු නිෂ්පාදන රැසක් මෙරට වෙළෙඳපොළ වෙත ගෙන එන දේශීය සන්නාමයක් වන බේබි ෂෙරමි, ශ්‍රී ලාංකේය ළදරු සත්කාරක නිෂ්පාදන වෙළෙඳපොළ තුළ අංක 1 ස්ථානය අඛණ්ඩව රැක ගැනීමට සමත් වී ඇති අතර, සිය නිෂ්පාදන මාලදිවයින, කැනඩාව, ඉන්දියාව ඇතුළු රාජ්‍යයන් ගණනාවකට අපනයනය කිරීම ද සිදු කරයි.

Hemas මැනුෆැක්චරින් සමාගම 1962 වසරේදී මුලින් ම මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දුන් ළදරු නිෂ්පාදනය ලෙස බේබි ෂෙරමි ඕඩි කොලොන්ග් නිෂ්පාදනය හඳුන්වා දිය හැක. එම සන්නාමය වෙතින් ගෙන ආ සුවඳ මෘදු, ආදරණීය මෙන් ම විශ්වාසනීය හැඟීම නිසා ම අද පවා බොහෝ ශ්‍රී ලාංකේය මාපියන් තුළ එම සුවඳ කෙරෙහි දැඩි ආකර්ෂණීය බවක් දක්නට ලැබේ.

බේබි ෂෙරමි ඕඩි කොලොන්ග් සමඟින් ගමන් ඇරඹූ බේබි ෂෙරමි සන්නාමය වර්තමානය වන විට ළදරු සබන්, ක්‍රීම් සහ ලෝෂන්, ළදරු සනීපාරක්ෂක උපාංග ඇතුළු පුළුල් නිෂ්පාදන පරාසයක් තුළ විහිදී ඇති අතර, එම නිෂ්පාදන සියල්ලක් ම ගුණාත්මක හා ආරක්ෂිත අමුද්‍රව්‍ය යොදා ගනිමින්, සංවේදී ළදරු සමට හිතකර අයුරින් ම නිපදවයි.

එමෙන් ම දිනෙන් දින වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා පිළිබඳව මනා අවබෝධයකින් යුතුව බේබි ෂෙරමි විසින් මෑතකදී නිකුත් කරන ලද ළදරු සබන්, ළදරු ලෝෂන් සහ ළදරු කොලොන්ග් සහිත ශාකසාර නිෂ්පාදන පෙළ සියයට සියයක් 'ස්වාභාවික අමුද්‍රව්‍ය' යොදා නිෂ්පාදනය කරන බව ද පැවසිය යුතු ම කරුණකි.

(ඡායාරූපය - සුදත් මලවීර)

 

Comments