ග්‍රීන්වෙස්ටර්න් වතුයාය ඓතිහාසික අලෙවියක් වාර්තා කරයි | සිළුමිණ

ග්‍රීන්වෙස්ටර්න් වතුයාය ඓතිහාසික අලෙවියක් වාර්තා කරයි

 

හේලිස් ප්ලාන්ටේෂන්ස් ආයතනය යටතේ පිහිටා ඇති තලවාකැලේ ටී එස්ටේට් පෞද්ගලික සමාගම මඟින් පාලනය කෙරෙන ග්‍රින්වෙස්ටර්න් කඳුයායේ නිම්න අතර පිහිටා ඇති සුන්දර ග්‍රීන්වෙස්ටර්න් වතුයාය පසුගියදා ඓතිහාසික වාර්තාවක් තැබීමට සමත්විය. ඒ පසුගිය අගෝස්තු 17වැනිදා පැවති වෙන්දේසියේදී අංක 32 අලෙවියේ ‘DUST 1‘ වර්ගය සඳහා රුපියල් 2,650ක ඓතිහාසික මිලක් ලබා ගනිමිනි. මේ ඉන්වොයිස් මිලදී ගෙන ඇත්තේ ෆෝබ්ස් ඇන්ඩ් බ්‍රෝකර්ස් සමාගමේ කළමනාකාර අශීෆ් ඛාන් මහතාගේ පහසුකම් සැලසීම මත හෙරිටේජ් තේ සමාගම විසිනි. මේ අලෙවියේදී FBOP කාණ්ඩය රුපියල් 3,000කට අලෙවි වී ඇති අතර, BOP සඳහා රුපියල් 1,800ක උපරිම මිලක්ද නියම වී තිබේ. මේ වසර තුළදී තම උසස්ම තත්ත්වයේ කළු තේ නිෂ්පාදන සඳහා අලෙවි අංක 1 සිට 32 දක්වා උපරිම මිල 29ක් ලබා ගැනීමට ග්‍රේට්වෙස්ටර්න් සමත් වී තිබේ. මේ ඉලක්ක සපුරා ගැනීමේදී කණ්ඩායම් කළමනාකරු සරත් රණවීර සහ ‌ෙජ්‍යෂ්ඨ සහාය කළමනාකරු දිනේෂ් මැදිවක ද ආයතනයේ විධායක නිලධාරී එම්.පරමසිවම් ගේ නායකත්වයෙන් යුතු ආයතනයේ කණ්ඩායමද තම උපරිම දායකත්වය ලබා දී තිබේ.

Comments