එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥයෝ මහනුවර ශාඛාව නව මුහුණුවරකින් නව ස්ථානයක | සිළුමිණ

එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥයෝ මහනුවර ශාඛාව නව මුහුණුවරකින් නව ස්ථානයක

 

වසර 100කට වඩා පැරණි දෘෂ්ටි සේවා සපයන්නකු වූ එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනය, සිය මහනුවර ශාඛාව නව මුහුණුවරකින් නව ස්ථානයක විවෘත කරන ලදි. ඔඩෙල් සාප්පු සංකීර්ණය, පළමු මහල, 332, පේරාදෙණිය පාර, මහනුවර යන ලිපිනයෙහි පිහිටි නවීන පහසුකම් රැසකින් සමන්විත මෙම ශාඛාව හරහා, මහනුවර ප්‍රදේශයේත් ඒ අවටත් සිටිනා සියලුම පාරිභෝගිකයන් හට අගනා සේවාවක් සැපයීමට එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනය සූදානමින් සිටී.

තවදුරටත් සිය ශාඛා ජාලය පුළුල් කිරීමේ අරමුණින් මෙවන් නවතම ශාඛා කිහිපයක්ම ඉදිරියේදී විවෘත කිරීමට ආයතනය සැලසුම් කර තිබේ. මහනුවර ශාඛාව විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස මහනුවර නගරාධිපති කේසර සේනානායක සහ සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් හි සභාපති අශෝක් පතිරගේ සහභාගි විය.

එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනයේ සියලුම ප්‍රදර්ශනාගාර මනා වෘත්තීයමය පුහුණුවක් ලැබූ සේවක මඬුල්ලකින් සමන්විත වන අතර, සෑම වයස් කාණ්ඩයකම පාරිභෝගිකයන් සඳහා උසස් වර්ගයේ අක්ෂි හා ශ්‍රවණ නිපැයුම් ඉතාමත් පහසු මිල ගණන් යටතේලබා ගැනීමේ හැකියාව පවතී.

මෙම නවීන ප්‍රදර්ශනාගාරයේ දී Mont Blanc, Michael Kors, Vogue, Ray Ban, Prada, Gucci, Polo Ralph Lauren, Polar Sun, CHE වැනි ජාත්‍යන්තර සන්නාමයන්ගේ ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි මාදිලි රැසක්ම තෝරා ගැනීමේ හැකියාව පාරිභෝගිකයන් හට පවතී. තවද අක්ෂි දෝෂ පරීක්ෂණ සඳහා උපයෝගි කර ගැනෙන උසස්ම තාක්ෂණයේ වර්තන යන්ත්‍රයකින්ද මෙම ශාඛාව සමන්විත වෙයි.

 

Comments