වරප්‍රසාද කමිටුවේ සභාපති ඇමැති විජේදාස රාජපක්ෂ | Page 2 | සිළුමිණ

වරප්‍රසාද කමිටුවේ සභාපති ඇමැති විජේදාස රාජපක්ෂ

පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබද කාරක සභාවේ නව වැනි පාර්ලිමේන්තුවේ තෙවන සභාවාරයට අදාළව නව සභාපති වශයෙන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය  ආචාර්ය විජේදාස රාජපක්ෂ ඉකුත් 21 දා ඒකමතිකව තේරී පත් වී තිබේ.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන සහ 2022 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් සෙසු සාමාජිකයන් 15ක් ද මෙහිදී නම් කර තිබේ.

 

Comments