චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානය විවෘත කෙරේ | සිළුමිණ

චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානය විවෘත කෙරේ

වසර තුනක් වසා දමා තිබූ චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානය සහ පැරණි සංඝාවාසය හා බුද්ධ වන්දනා මන්දිරය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු වන්දනාකරුවන්ගේ පහසුව වෙනුවෙන් විවෘත කිරීම මේ මස 24 වෙනි දින චෙන්නායි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කතේෂ්වරන්ගේ සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා මණ්ඩලීය සභාපති, හිටපු අමාත්‍ය අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා සහභාගිත්වයෙන් සිදු කෙරේ.

ඉන්දියාවේ ආචාර්ය ඒ. අශෝකන් සහ ඊ.රාජා යන දෙපළගේ ධන පරිත්‍යාගයෙන් ඉන්දීය රුපියල් ලක්ෂ හයකට වඩා වැය කොට මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර ඇතැයි චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානාධිපති පූජ්‍ය නුගගොල්ලේ චන්ද්‍රරත්න හිමියෝ පවසති.

 

Comments