ආණ්ඩුවට කිසිම සැලැස්මක් නැහැ | සිළුමිණ

ආණ්ඩුවට කිසිම සැලැස්මක් නැහැ

ත්මන් ආණ්ඩුව කිසිදු සැලැස්මක් ඇතිව කටයුතු නොකරන බවත් එම නිසාම ආණ්ඩුවට පැහැදිලි ගමනක් හෝ පැහැදිලි දැක්මක් නොමැති බවත් එහි වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ සමස්ත ජනතාවට බව සමගි ජන බලවේගයේ සහකාර ලේකම් වෛද්‍ය කවින්ද ජයවර්ධන සිළුමිණට කීය.

එම තත්ත්වය නිසා රටේ බංකොලොත්භාවයට අමතරව ආර්ථික පරිහානිය කරා ඇදී යන බවත් ඔහු පැවසුවේය. මේ වන විට රටේ උද්ධමනය 87%ක් දක්වා පහළ ගොස් ඇති බව ජිනීවා මානව හිමිකම් කොමිසමේදී පවා හෙළිව ඇති බව පෙන්වා දුන් ඒ මහතා රටේ දරිද්‍රතාවය දිගින් දිගටම වර්ධනය වන බවත් එය ළමා මන්දපෝෂණය කරා මේ වන විට පැමිණ ඇති බවත් කීවේය.

 

Comments