ශ්‍රී ලංකා - රුසියා ගුවන් හමුදා සහයෝගීතාව ගැන සාකච්ඡාවක් | සිළුමිණ

ශ්‍රී ලංකා - රුසියා ගුවන් හමුදා සහයෝගීතාව ගැන සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඇලෙක්සි ඒ බොන්ඩරෙව් මහතා සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අතර හමුවක් පසුගියදා(21) සිදු විය.  
 
ඒ ගුවන් හමුදා මූලස්ථානයේදී ය.
 
මෙම හමුවේදී දෙරටේ ගුවන් හමුදාවන් අතර පවත්නා දිගු කාලීන සබදතාවය හා සහයෝගීත්වය සම්බන්ධයෙන් මෙන්ම ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබදව පිළිසදරක් පැවැත්විණි.
 
අනතුරුව ගුවන් හමුදාපතිතුමන් සහ රුසියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඇලෙක්සි ඒ බොන්ඩරෙව් මහතා අතර එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. 

Comments