විදේශ ඇමති, අමෙරිකා ජනපති හමුවෙයි | සිළුමිණ

විදේශ ඇමති, අමෙරිකා ජනපති හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝසප් බයිඩන් සහ ජනාධිපති ආර්යා ආචාර්ය ජිල් බිඩෙන් හමුවෙයි.
 
ඒ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77වැනි සැසිවාරය නිමිත්තෙන් ඔවුන් විසින් සංවිධාන කරන ලද රාත්‍රී භෝජන සංග්‍රහයේදී ය.
 
එසේම නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 77 වැනි සැසිවාරයේදී, හෙට දින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ශ්‍රී ලංකාවේ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.
 
 

Comments