Web Lankan ට Best Web Developer සම්මානයක් | සිළුමිණ

Web Lankan ට Best Web Developer සම්මානයක්

BestWeb.lk 12 වැනි වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයේදී හොඳම Web Developer කාණ්ඩයේ රන් සම්මානයෙන් Web Lankan පිදුම් ලැබීය. සම්මාන උලෙළ පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.Web Lankan විශිෂ්ටත්වය අඛණ්ඩව තහවුරු කරමින් BestWeb.lk 2020, 2021 සම්මාන ප්‍රදානෝත්සවවලදී ද සම්මානවලින් පිදුම් ලැබීම සුවිශේෂත්වයකි.Web Lankan යනු ISO සහතික ලත් සම්මානලාභී ඩිජිටල් අලෙවිකරණ ආයතනයක් වන අතර අපනයන සංවර්ධන මණ්ඩලයේ සාඩම්බර සාමාජිකයෙකි. Google ප්‍රතීතනය ලත් නියෝජිතායතනයක් වන Web Lankanදේශීය සහ ගෝලීය වශයෙන් සේවාලාභීන් 600කට වැඩි පිරිසකට සේවය සලසයි.

Comments