Uber ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සමඟ අත්වැල් බැඳගනී | සිළුමිණ

Uber ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සමඟ අත්වැල් බැඳගනී

Uber Sri Lanka මෙරට ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක් පරිත්‍යාග කරන බව පසුගියදා නිවේදනය කළේ ය. රට පුරා අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ බෙදාදීම සඳහා මෙම අරමුදල් භාවිතා කෙරෙනු ඇත.

මේ යටතේ Uber රියදුරන් සහ ඩිලිවරි සේවා හවුල්කරුවන් ඇතුළුව 10,000 කට අධික පිරිසකට, සිවු දෙනෙකුගෙන් යුත් පවුලකට ප්‍රමාණවත් වියළි ආහාර ද්‍රව්‍ය මලු හිමිවනු ඇත. මීට අමතරව 30,000 කට අධික පිරිසකට සේවාවන් සලසන ග්‍රාමීය රෝහල් 15 කට අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමටද කටයුතු යොදා තිබේ. මෙම ඖෂධ සහ උපකරණ සෘජුවම ජාත්‍යන්තර සැපයුම්කරුවන් වෙතින් මිලදීගනු ලබනු ඇත.

Comments