INSEE සිමෙන්ති වඩාත් ගෞරවනීය ආයතන අතරට | Page 2 | සිළුමිණ

INSEE සිමෙන්ති වඩාත් ගෞරවනීය ආයතන අතරට

INSEE සිමෙන්ති, LMD සඟරාවේ 2022 වසරට අදාළ ශ්‍රේණිගත කිරීමට අනුව වඩාත් ගෞරවනීය සන්නාමයන් අතරට නම් කෙරිණි. A.C.Nielsen ආයතනය විසින් විවිධ ක්‍රමවේද ඔස්සේ සිදු කරන ලද සමීක්ෂණ වල දත්ත මත මෙම ශ්‍රේණිගත කිරීම පදනම් වී ඇත. මෙම ශ්‍රේණිගත කිරීම මෙරට ආයතනික අංශ තුළ වඩාත් කීර්තිමත් සම්මානයක් වන අතර,එමගින් INSEE සිමෙන්ති මෙරට වෙළෙඳපොළ තුළ ගොඩනඟා ගෙන තිබෙන විශිෂ්ටත්වය තහවුරු කරයි.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් INSEE සිමෙන්ති සමාගමේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක සඳහන් කළේ, 2022 වසරේ වඩාත්ම ගෞරවනීය ආයතන ලැයිස්තුවට INSEE සිමෙන්ති නාමය ඇතුළත් වීමට ගුණාත්මක නිෂ්පාදන වගේ ම එමඟින් අප ගොඩනඟා ගෙන තිබෙන විශ්වාසයත් හේතු වුණු බව පැවසිය යුතු ම යි. පාරිභෝගික කේන්ද්‍රීය සන්නාමයක් විදියට අපි අපගේ හැකියාවන් ඔප්පු කර තිබෙනවා.

Comments