DIMO Marine Solutions හරහා දේශීය ධීවර කර්මාන්තයට සේවා සැපයුම් අරඹයි | සිළුමිණ

DIMO Marine Solutions හරහා දේශීය ධීවර කර්මාන්තයට සේවා සැපයුම් අරඹයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, සිය සමුද්‍ර ඉංජිනේරු අංශය හරහා ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ දික්ඕවිට ධීවර වරායේ උතුරු පර්යන්තයේ දී අති නවීන යාත්‍රා සේවා මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලදී. එය DIMO සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී, ගහනාත් පණ්ඩිතගේ මහතා විසින් මෑතකදී විවෘත කරනු ලැබීය. නව දික්ඕවිට යාත්‍රා සේවා මධ්‍යස්ථානය දේශීය එක් දින හා බහු දින ධීවර යාත්‍රා මෙන් ම විදේශීය ධීවර නෞකා වලට ද සේවා සැපයීම සිදු කරනු ලබයි.එන්ජින් අලුත්වැඩියා, එන්ජින් ඕවහෝලින්, යාන්ත්‍රීකරණ කටයුතු හා පොම්ප, ඉන්ජෙක්ටර් හා රේඩියටර් අලුත්වැඩියා කටයුතු වලට අමතරව මෙම සේවා මධ්‍යස්ථානය හරහා කූලර්, හීටර්, හීට් එක්ස්චේන්ජර්, කන්ඩෙන්සර් මෙන්ම විදුලි හා හයිඩ්‍රොලික් ගියර් පද්ධති අලුත්වැඩියා කිරීම් ද මෙහිදී සිදු කරනු ලබයි.

Comments