ස්මාර්ට් පික් පැක් ගම්පහින් අරඹයි | සිළුමිණ

ස්මාර්ට් පික් පැක් ගම්පහින් අරඹයි

ස්මාර්ට් පික් පැක් පාරිභෝගික සේවාවෙහි නවතම මෙහෙයුම් හා භාණ්ඩ සැකසුම් සංකීර්ණය බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් ගම්පහ නගරය ආශ්‍රිතව කොළඹ පාර අංක 255/1/1 දරන ස්ථානයේදී සුභ මොහොතින් ආරම්භ කෙරිණි.

දිවයිනෙහි විවිධ ප්‍රදේශවල මේ වනවිට ආරම්භ කොට ඇති මෙම වෙ‍ෙළඳ ව්‍යාපාරය මඟින්, ගම්පහ පාරිභෝගිකයින්ට 0704707072 සහ 0776571325 යන අංකයන්ට වට්ස්ඇප් මඟින් හෝ 033 7766500 දරන දුරකථන අංකයට ඇණවුම් කරනු ලබන ආහාර පාන ඇතුළු භාණ්ඩ , නිවාස ඇතුළු ඕනෑම ස්ථානයකට රැගෙන ගොස් බාරදීම සිදු කරනු ලබන බව ව්‍යාපාර සභාපති අනුර ජයසිංහ සඳහන් කළේය.

මෙලෙස ඉල්ලුම් කොට ලබා ගන්නා ද්‍රව්‍ය සහ භාණ්ඩ සඳහා මුදල් ගෙවීම එක්වර මෙන්ම පොලී රහිතව වාරික වශයෙන් ගෙවීමේ හැකියාව පැවතීමද විශේෂත්වයකි.

Comments