ශ්‍රී ලන්කන් ගුවන් සේවය අභිමානවත් 43 වැනි වසරට පා තබයි | Page 2 | සිළුමිණ

ශ්‍රී ලන්කන් ගුවන් සේවය අභිමානවත් 43 වැනි වසරට පා තබයි

ශ්‍රී ලංකාවේ වාණිජ ගුවන් සේවා ක්ෂේත්‍රයේ ආරම්භය නිටුහන් කරමින් මීට වසර 43 කට පෙර ශ්‍රීලංකන් ගුවන් සේවය ආරම්භය විය. වර්ෂ 1979 සැප්තැම්බර් මස 1 වැනි දින දියත් කරන ලද ගුවන් සේවය අද වන විට ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයේ විශිෂ්ට සන්ධිස්ථාන පසුකරමින් ඇත. ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රීලන්කන් ගුවන් සේවය ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයටත් සංචාරක ක්ෂේත්‍රයේ උන්නතියටත් ලබා දෙන දායකත්වය අගය කළ යුතුයි.

ගුවන් සමාගම ශ්‍රී ලංකාවත් ලෝකයත් යා කරන ප්‍රධානතම දොරටුව වන අතර දැනට ගුවන් යානා 24 කින් සමන්විත එයාර් බස් ගුවන් යානා ඇණියක් සමඟින් සෘජු හා සංකේත හුවමාරු මෙහෙයුම් හරහා මහද්වීප පුරා රටවල් 60 ක නගර 119 කට ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ කර ඇත.

Comments