රාජා ජුවලර්ස් විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළකදී දස්කම් පෑ නෙත්මි අහිංසා අගයයි | සිළුමිණ

රාජා ජුවලර්ස් විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළකදී දස්කම් පෑ නෙත්මි අහිංසා අගයයි

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා රාජා ජුවලර්ස් උලේළෙ විසින් 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දුන්, මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මි අහිංසා දැරිය අගයමින් පසුගියදා උත්සවයක් සංවිධානය කර තිබුණි. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළකදී ශ්‍රී ලංකාව මෙතෙක් ලබාගත් පළමු කාන්තා මල්ලවපොර පදක්කම ජයග්‍රහණය කරමින් ශ්‍රී ලාංකීය ඉතිහාසයේ නව වාර්තාවක් තැබූ නෙත්මි අහිංසා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී පදක්කමක් දිනාගත් ළාබාලතම ලාංකික ක්‍රීඩිකාව ලෙස ඉතිහාස ගත විය.

'You are a Diamond' තේමාව යටතේ රාජා ජුවලර්ස් විසින් මෑතකදී දියත් කරන ලද සුවිශේෂී වැඩසටහන යටතේ රුපියල් 750,000 වටිනා ඩයමන්ඩ් පෙන්ඩන්ට් සහ කරාබු කට්ටලයක් නෙත්මි අහිංසා දැරිය වෙත තිළිණ කිරීම මෙම අවස්ථාවේදී සිදුවිය. නෙත්මිගේ ජයග්‍රහණ වලට මූලික වූ ඇයගේ පුහුණුකරු වන සුරංග කුමාර මහතා දැක්වූ දායකත්වය අගයමින් ඔහුට මූල්‍ය තිළිණයක් සිදු කිරීමටද රාජා ජුවලර්ස් ක්‍රියා කරන ලදී.

ස්වර්ණාභරණ ලොව කිරුළු පැලඳි රාජා ජුවලර්ස් විසින් 2022 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ” You are a Diamond' යන තේමාව රැගත් දියමන්ති ආභරණ එළිදැක්වීම සිදු කෙරිණි. මෙම තේමාව තව දුරටත් දීර්ඝ කරමින්, නෙත්මි අහිංසා වැනි සැබෑ ශ්‍රී ලාංකේය දියමන්ති හඳුනා ගනිමින් ඔවුන්ගේ දක්ෂතා ඉහළ නැංවීමට අවශ්‍ය සහය ලබා දීමට රාජා ජුවලර්ස් කැපවී ක්‍රියා කරයි.

Comments