රයිනෝ සමාගම ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ දරුවන්ට පහසුකම් සලසයි | සිළුමිණ

රයිනෝ සමාගම ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ දරුවන්ට පහසුකම් සලසයි

ගම්පහ ප්‍රදේශයේ පැරණිතම පාසල් අතරින් එකක් වන තක්ෂිලා විද්‍යාලය 2021 වසරේ සාමාන්‍ය පෙළ විභාගය පැවති සමයේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්විය. ඒ එම කාලයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් හානි වූ ගොඩනැගිල්ලක් තුළ දරුවන් පිරිසක් විභාගයට පෙනී සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම හේතුවෙනි. මෙම සිදුවීමෙන් අනතුරුව මෙම දරුවන් මුහුණ පාන විවිධාකාර වූ දුෂ්කරතා පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය. එම දරුවන්ට අවශ්‍ය පහසුකම් නොපමාව සැලසීමේ වැදගත්කම අවබෝධ කරගත් රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගම (Rhino Roofing Products Limited), රටේ පවතින දුෂ්කර තත්ත්වය හමුවේ පවා ඒ වෙනුවෙන් විශේෂ ව්‍යාපෘතියක් දියත් කළේය.දරුවන්ට සුරක්ෂිත ලෙස අධ්‍යාපනය ලැබීමට හැකි වන ආකාරයට පාසල් ගොඩනැඟිල්ල නවීකරණය කිරීම සඳහා, රයිනෝ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා ප්‍රමුඛ එහි ඉහළ කළමනාකාරීත්වය තීරණය කළේය.

Comments