ක්ලෝගාඩ් වෙතින් ‘පංච ශක්ති’ දන්තාලේපය | සිළුමිණ

ක්ලෝගාඩ් වෙතින් ‘පංච ශක්ති’ දන්තාලේපය

මෙරට ජනතාවගේ විශ්වාසය දිනූ මුඛ සත්කාරක සන්නාමයක් වන ක්ලෝගාඩ් වෙතින්, බහුවිධ ප්‍රතිලාභ ලබා දෙන සිය නවතම දන්තාලේප නිෂ්පාදනය වන ක්ලෝගාඩ් පංච ශක්ති දන්තාලේපය හඳුන්වා දීම පසුගිය දා සිදු කෙරුණි.

සියයට සියයක් දේශීය නිෂ්පාදනයක් වන ක්ලෝගාඩ් පංච ශක්ති, පාරිභෝගිකයන්ගේ සර්වකාලීන අවශ්‍යතා පිළිබඳව අවධානය යොමු කරමින් නිපදවා ඇත. දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන, භාවිත කරන්නන්ට බහුවිධ ප්‍රතිලාභ ලැබෙන අයුරින් මෙන් ම ඕනෑ ම වයස් කාණ්ඩයකට ගැළපෙන අයුරින් නිපදවා ඇති ක්ලෝගාඩ් පංච ශක්ති දන්තාලේපය ස්වාභාවික තෙල්වල යහගුණයෙන් පෝෂණය වී ඇති අතර, එමඟින් යහපත් මුඛ සෞඛ්‍යයක් ගොඩනංවයි. 'පංච ශක්ති' යන සංස්කෘත වචනයේ සිංහල අරුත වන්නේ 'පස් වැදෑරුම් බලය' යන්න වන නමුදු, මෙම නිෂ්පාදනය මඟින් ලැබෙන ප්‍රතිලාභ අසීමිත ය.

ක්ලෝගාඩ් පංච ශක්ති, ආයුර්වේදයේ මෙන් ම හෙළ වෙදකමේ ද මුඛ රෝග සඳහා භාවිත කරන ඉරිමේදාදී තෙල්වලින් යුක්ත වේ. ඉරිමේදාදී තෙල් දේශීය ඖෂධ 23 ක එකතුවෙන් සකසන වටිනා ඔසුවකි.

දත් කුහර, දත්වල විශද ලප වර්ධනය, විදුරුමස් ආශ්‍රිත ගැටලු, මුඛයේ දුර්ගන්ධය සහ දත් දුර්වර්ණ වීම යන මුඛය ආශ්‍රිත ප්‍රධාන ගැටලු 5 කට එරෙහිව සටන් කරන ක්ලෝගාඩ් පංච ශක්ති දන්තාලේපය මඟින් ලබා දෙන බහුවිධ ප්‍රතිලාභවලට අමතරව, එහි අඩංගු ප්‍රියජනක, ශාකසාර සහිත, ඖෂධීය රසය මගින් මුඛයට සහනයක් හා නැවුම් බවක් ලබා දෙයි.

Comments