මැති­ව­රණ වෙන­ස­කට කොමි­සම සූදා­නම් | Page 2 | සිළුමිණ

මැති­ව­රණ වෙන­ස­කට කොමි­සම සූදා­නම්

මැතිවරණ සඳහා යන අධික වියදම් පාලනය කරමින් මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ පනත් කෙටුම්පතක් සකස් කිරිමටත්, අනතුරුව එය අමාත්‍ය මණ්ඩලට අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටත් බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා සිළුමිණට පැවසීය.

2023 වසරේ මාර්තු 20 ට පෙර පළාත්පාලන මැතිවරණය පැවැත්වීමටද කොමිසම අපේක්ෂා කරයි. වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා සඳහන් කළේ ඉදිරියේදී මැතිවරණ ක්‍රමයන්හි වෙනස්කම් රැසක් සිදු කිරිම   අපේක්ෂිත බවයි. ඒ යටතේ පළාත් සභා, පලාත් පාලන ඇතුළු සියලු මැතිවරණවලදී කාන්තා නියෝජනය හා තරුණ නියෝජනය වැඩිකිරිම අනිවාර්ය කිරීමටත්, ආබාධිත ප්‍රජාවට ඡන්දය ප්‍රකාශ කිරීමේ පහසුකම් වැඩි කිරීම සඳහා ජංගම ඡන්ද පොළ ඇතුළු පහසුකම් වැඩි කිරීමටත් පියවර ගනු ඇත.

 

Comments