පාස්කු ප්‍රහා­රය: හිටපු ජන­පති මෛත්‍රීට නොතීසි | සිළුමිණ

පාස්කු ප්‍රහා­රය: හිටපු ජන­පති මෛත්‍රීට නොතීසි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයන්ට ඔක්තෝබර් මස 14 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 16 වැනිදා නොතීසි නිකුත් කර තිබේ. සිරිල් ගාමිණී පියතුමා සහ පාස්කු ප්‍රහාරයෙන් වින්දිත පුද්ගලයෙකු වන ජේසුදාසන් නඩේසන් විසින් ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් මෙම නොතීසි නිකුත් කිරීම සිදුකර ඇත.

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධව නොසැලකිලිමත්වීම සහ වළක්වා ගැනීමට ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පෞද්ගලික පැමිණිල්ලක සැකකරු වශයෙන් එලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නම් කර තිබේ.

 

Comments