ජේ.ආර්. ජයවර්ධනගේ 116 ජන්ම සැම­රුම | Page 2 | සිළුමිණ

ජේ.ආර්. ජයවර්ධනගේ 116 ජන්ම සැම­රුම

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනයන්ගේ 116 වන ජන්ම සැමරුම 17 සෙනසුරාදාට යෙදී තිබුණි. කැලණිය අතුරු මැතිවරණයට 1943 දී ඉදිරිපත්ව මන්ත්‍රීවරයෙක් වූ ජේ.ආර්. ජයවර්ධන වසර 7ක් මෙරට මුදල් ඇමැති   පදවියේද පසුව විපක්ෂ නායකවරයා ලෙසද කටයුතු කෙළේය. එජාප නායකයා ලෙස 1973 දී පත් වූ හෙතෙම 1977 මහ මැතිවරණයෙන් ජයගෙන ශ්‍රී ලංකාවේ 7වන අගමැතිවරයා විය. පසුව 1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූයේද ජේ.ආර්. ජයවර්ධනයන්ය. ඔහු දැයෙන් සමුගත්තේ 1996 නොවැම්බර් 1 වැනිදාය.

 

Comments