UNDP ආසියා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂවරයා දිවයිනට | සිළුමිණ

UNDP ආසියා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂවරයා දිවයිනට

එක්සත් ජාතීන්ගේ සංවර්ධන සම්බන්ධීකරණ කාර්යාලයේ ආසියා ශාන්තිකර කලාපීය අධ්‍යක්ෂ ඩේවිඩ් විලියම් මැක්ලැක්ලන්-කාර් (David McLachlan-Karr) මහතා ඊයේ (16) ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
 
මැක්ලැක්ලන්-කාර් මහතා  රජයේ, විපක්ෂයේ, සිවිල් සමාජය, රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව ඇතුළු පාර්ශව ගණනාවක් හමුවනු ඇත.
 
ඔහු යාපනයට ගොස් රජයේ සහ සිවිල් සමාජ කණ්ඩායම් හමුවීමට ද නියමිතය.
 
ශ්‍රී ලංකාවේ නිලධාරීන් සමඟ ඔහුගේ සාකච්ඡා ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ සියලුම එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවල කටයුතු මෙහෙයවන එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන සහයෝගීතා රාමුව (UNSDCF) 2023-2027 දියත් කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත.
 
සංවර්ධන සම්බන්ධීකරණ කාර්යාලයේ පරමාර්ථය වන්නේ තිරසාර සංවර්ධනය සඳහා වන ජාතික ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා නේවාසික සම්බන්ධීකාරකවරුන්ගේ සහ සමස්තයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවර්ධන පද්ධතියෙහි ධාරිතාව, සඵලතාවය සහ කාර්යක්ෂමතාවයට සහාය වීමයි.

Comments